මන්ත්‍රී ආරක්ෂකගේ පිස්තෝලය අතුරුදන්...

 

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවලගේ ආරක්ෂක නිළධාරියෙකුට අයත් සේවා අවිය අස්ථාන ගත වි ඇති බවට එම ආරක්ෂක නිළධාරියා විසින් අද (14) බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබේ.


ප්‍රභු ආරක්ෂක නිළධාරියෙකු ලෙස සේවය කරන එම නිළධාරියා එම ගිනි අවිය බෑගයක දමා අකිල සාලිය එල්ලාවලගේ බලන්ගොඩ පිහිටි නිවසේ ආරක්ෂක අංශයට අයත් කාමරයක තබා මීට දින කිහිපයකට පෙර නිවාඩු ගොස් ඇතැයි පැමිණිල්ලේ සදහන් බව පොලිසිය පැවැසීය. 


නැවත සේවයට පැමිණි ගිනිඅවිය ගැනිමට යෑමේදි එම ගිනි අවිය නොමැති බැවින් මේ සම්බන්ධයේන් බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

Post a Comment

0 Comments