කෝටි ගණනක් මුදල් වංචා කළ රැකියා ජාවාරම්කරු මාට්ටු...

 



කැනඩාවේ රැකියා සහ පදිංචි වීසා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා ප්‍රමාණයන්ගෙන් මුදල් ලබාගෙන ජනතාව මුලාකළ පුද්ගලයෙක් මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.


අනතුරුව පොලීසිය සැකකරු විදේශ සේවා නියුක්ති කාර්යංශයට අද (2) දින භාරදුන් බව එම කාර්යංශය පැවසීය.


එම සැකකරුගේ වංචාවට හසුවූ පුද්ගලයන් 25දෙනෙකුගෙන් ලැබුනු පැමිණිලි අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කීය.  


කැනඩා රැකියා ජාවාරම සඳහා ඔහුට ආධාර හා අනුබල දුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිලධාරියෙක් ද කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගත් බවත්, මෙම සැකකරුවන් දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මාර්තු 16වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් කාර්යංශය පවසයි.

Post a Comment

0 Comments