වසර හතරකට පසු කැලෙන් එළියට ආ කොටි සාමාජිකයා...

 



මඩකලපුව, පට්ටප්පලෙයි ප්‍රදේශයේ පිහිටි තාන්තාමලෙයි වනාන්තර කොටසේ වසර හතරක් රැඳී සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයකු වූ මානසික ආබාධයකින් පෙළෙන ‘බාලා’ නමැත්තකු ඔහුගේ ඥාතීන් විසින් ඊයේ (09) සොයාගෙන රෝහලට භාරදී ඇත.


වසර හතරක පමණ කාලයක සිට සිය පවුලේ අය විසින් අත්හැර දමන ලද මානසික ආබාධයකින් පෙළෙන එම පුද්ගලයා කැලෑවේ පලතුරු ආහාරයට ගෙන ජීවත්ව ඇත්තේ තාන්තාමලේ රෙඩ්පාන ගම්මානයෙන් පිටත පිහිටි පෙර කී වනාන්තරයේ දුෂ්කර මඩුවකය.ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂයේ පිරිසක් සහ ඔහු සමග කටයුතු කර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයන් පිරිසක් ඔහු වෙත පැමිණි විට ඔහු කැලෑ ප්‍රදේශයට දුවගොස් ඇත.


ඔහුගේ ඥාතීන් හා ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරියා විසින් දිවා රෑ නොබලා ඔහු සොයා ඇති අතර, පසුව ඔවුන් විසින් මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ සහාය ඇතිව මෙම පුද්ගලයා රෝහල්ගත කර තිබේ.


ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයා වන නකුලේස් විසින් ඔහුට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී ඇත.

Post a Comment

0 Comments