වෘත්තීය සමිති රැසක් අද වැඩ වර්ජනයේ...

 

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් අද (15) වැඩ වර්ජන දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.


රජයේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යපීඨ ආචාර්යවරුන්, විදුලි ඉංජිනේරුවන්, බැංකු නිලධාරීන්, ඛනිජතෙල්, ජල සම්පාදන, මාර්ග සංවර්ධන, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, දේශීය ආදායම් ඇතුළු වෘත්තීය සමිති 47 ක් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට ඇතුළත් ය.


ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා වෙනස් කරන ලෙසයි.


ඔවුන්ගේ සහයට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති ගණනාවක් එක්ව සිටින්නේ තවත් ඉල්ලීම් ගණනාවක් ද සමගය.


බැංකු ණය පොලී අනුපාත අඩු කිරීම, රුපියල් 20,000 ක ජීවන වියදම් දීමනාව ලබාදීම, විදුලි බිල අඩු කිරීම, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදුව වහා නැවැත්වීම ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇතුළත් ය.


ගුරු, විදුහල්පති, හෙද, සෞඛ්‍ය සේවා, තැපැල්, රාජ්‍ය කළමනාකරණ සේවා, ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු වෘත්තීය සමිති රැසකින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සන්ධානය සමන්විත වේ.

Post a Comment

0 Comments