ලංකාවේ මැතිවරණය පවත්වන්නැයි නවසීලන්තයේ විරෝධතා…


 පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කරමින් නවසිලන්තයේ පදිංචි ශ්‍රි ලාංකිකයන් පිරිසක් (05) දින නවසිලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදි උද්ඝෝෂණයක් පවත්වා ඇත.

ජාතික ජන බලවේගයේ නවසිලන්ත ශාඛාව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර අතර , එම උද්ඝෝෂණයට සහභාගි වු ශ්‍රි ලාංකිකයන් කියා සිටියේ ශ්‍රි ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර ජනතාවගේ ජන්ද අයිතිය උදුරා නොගෙන පලාත් පාලන මැතිවරණය පැවැත්විමට කටයුතු කරන ලෙසයි.

රටේ ජනතාවගේ ජන්ද බලය නොමැතිව රට පාලනය කරන බවත්, රට තරුණ පරපුරකට භාර දි රට තුල ප්‍රජාතන්ත්‍රවාදිය ඇති කිරිමට රටේ පාලකයින් පියවර ගත යුතු බවයි උද්ඝෝෂණයට සහභාගි වු ශ්‍රි ලාංකිකයන් කියා සිටියේ.

Post a Comment

0 Comments