ජෙප්පො ද, පෙරෙට්ටො ද, කුරුට්ටො ද, පොහොට්ටු ද තමන්ට අදාළ නොවන බවත්, මේ සැම මිනිසුන් බවත්, මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම පමණක් අවශ්‍ය බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එමෙන්ම, කටක් තිබුණු පළියට රටක් ගොඩ ගත නොහැකි බවත් ඒ සඳහා ඔළුවක් තිබිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී පැවසිය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර,
"හැම රැල්ල ම ලස්සනයි වෙරළට එනකල්. හැබැයි මතක තියා ගන්න රැල්ල වෙරළට ආදරේ නෑ..කඩප්පුලි බලවේගවලට අහුවෙලා රට අපායක් කර ගන්නව ද කියන එක රටේ ජනතාව තීරණය කරන්න ඕනෑ. දැන් ජෙපි පැටව් මට ප්‍රතිපත්තියක් නෑ කිව්වට ඊට කලින් මම ම කියලා තියෙන්නේ මට තියෙන්නේ ප්‍රතිපදාවක් මිස ප්‍රතිපත්තියක් නෙවෙයි කියලා. ඔය අරගලවලට පුළුවන් ද අඩුම තරමේ රටේ මිනිස්සුන්ට බෙහෙත් පෙත්තක්වත් අරන් දෙන්න. යූ ටියුබ් ජ්‍යෝතිශ්‍යකාරයෝ හීනියට දෙන ලණුත් කන මෙයාලා මාර භෞතිකවාදියෝ ටිකක්. අද ජ්‍යෝතිශ්‍ය අනාවැකි බිඳගෙන ආර්ථික විශේෂඥයන්ගේ පුරෝකථන බිඳගෙන අපි රටක් විදියට නැගිටිමින් ඉන්නවා. දැන් පාරවල් ගානේ රට අරාජක කරන්න ලොකු වෙහෙසක් ගන්න හැමෝට ම කියන්නේ ගිය අවුරුද්දේ මාර්තුව මොන වගේ ද කියලා ආපහු හැරිලා බලන්න. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දයක් පැවැත්වීම නෙවෙයි."

0 Comments