ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි...

 

ඉන්දීය පෞද්ගලික ගුවන් සමාගමකට අයත් මගී ගුවන් යානයක් පාකිස්තානයට ගොඩබෑමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


දිල්ලි සිට දෝහා බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක ගමන් ගත් මගියකු මිය යෑම හේතුවෙන් යානය මෙලෙස ගොඩ බස්වා ඇත.


එහි මිය ගිය පුද්ගලයා නයිජීරියානු ජාතිකයෙක් වන අතර 60 හැවිරිදි මෙම පුද්ගලයාට ගමන මැදදී අසනීප වී ඇත.ඉන් පසුව යානයේ කපිතාන්වරයා විසින් කරච්චි ගුවන් ගමන් පාලක අංශය අමතා වෛද්‍යවරයෙකු සහ ගිලන් රථයක් ඉල්ලා ඇති අතර කරච්චිහි ජින්නා පර්යන්ත ජාත්‍යන්තර ගුවන් තොටුපළට යානය ගොඩ බැස්සවීමෙන් පසු පරීක්‍ෂා කිරීමේ දී ගුවන් තොටුපළේ වෛද්‍ය කණ්ඩායම විසින් මගියා මියගොස් ඇති බව තහවුරු කරගෙන ඇත.


මගීන් 163 දෙනෙකු සමග ගුවන් යානය පැය හතරකට පසුව ගමනාන්තය බලා පිටත් වී ඇත.

Post a Comment

0 Comments