යාපනය ප්‍රදේශයෙන් එළවළු තොග විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම නිසා එළවළු තොග මිල ගණන් අඩුවී ඇත.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (13) යාපනයෙන් එළවළු කිලෝග්‍රෑම් හැට දහසක් ලැබී තිබේ.
දිවයිනේ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට ගොවීන් රැගෙන එන එළවළු ප්‍රමාණය ද විශාල ලෙස අඩුවී තිබේ.
එමෙන්ම එම මධ්‍යස්ථානවලට පැමිණෙන තොග සහ සිල්ලර වෙළෙඳුන් සංඛ්‍යාව ද අඩුවී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු පැවසූහ.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග ගණන් ඊයේ (13) වාර්තා වූයේ මෙසේය.
ඒ අනුව බෝංචි රුපියල් 150, ලීක්ස් රුපියල් 150, කැරට් රුපියල් 100, තක්කාලි රුපියල් 130, රාබු රුපියල් 40, නෝකෝල් රුපියල් 70, ගෝවා රුපියල් 40, අර්තාපල් (යාපනය) රුපියල් 140 සහ අර්තාපල් (නුවරඑළිය) රුපියල් 200 වශයෙන් කිලෝග්‍රෑමයක තොග මිල පැවැතිණි.
කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පැවැතියේ මෙසේය.
බෝංචි රුපියල් 150-180
බීට්රූට් රුපියල් 120-140
ගෝවා රුපියල් 30-35
මාළු මිරිස් රුපියල් 250-300
කැරට් රුපියල් 55-65
ලීක්ස් රුපියල් 140-145 සහ රාබු රුපියල් 30-35ක් ලෙස පැවැතිණි.

0 Comments