අනතුරක් වලක්වාගන්න ප්‍රධන පාරක් වසා දමයි...

 

ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය ඊයේ (04) තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇත.


පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ 13 සහ 14 වංගු අතර මාර්ගයට පස්කඳු කඩා වැටී ඇති බව වාර්තා වෙයි.


මේ හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.


ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී තිබේ.


මහනුවර සිට මහියංගනය දෙසට ධාවනය වන වාහන තැන්නෙකුඹුර ඔරලෝසු කණුව හන්දිය අසලින් රන්දෙණිගල - බදුල්ල මාර්ගය හෙවත් රජ මාවත ඔස්සේ පැමිණ 21 හන්දියෙන් වමට හැරී බදුල්ල - මහියංගනය මාර්ගය ඔස්සේ මහියංගනය නගරයට පැමිණිය හැකිය.


මේ අතර මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරීමේ කටයුතු අද උදෑසන සිදුකරන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

Post a Comment

0 Comments