මෙම වසරේ අවසන් කාර්තුවේ දී රාජ්‍ය සේවකයන් සඳහා අතිරේක දීමනාවක් ලබා දීමට රජය සලකා බලමින් සිටියි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සති අන්ත පුවත්පතක් වෙත සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ආර්ථික තත්වය තක්සේරු කිරීමෙන් පසු මෙම දීමනාව ලබා දීමට පියවර ගන්නා බවයි.
දැනට ක්‍රියාත්මක කරමින් ඇති ප්රතිව්යුහගත කිරීමේ වැඩසටහන් සමග ආර්ථිකය දියුණුවක් රජය අපේක්ෂා කරන බවත් පවසන ඔහු විරෝධතා මැද වුවද බදු ප්‍රතිපත්තිය එලෙසම පවතින බවත් කිසිදු වෙනසක් නොකරන බවත් හෙතෙම සඳහන් කරයි.


0 Comments