මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හා මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් අසූ දහසකට අවශ්‍ය ඉන්ධන ලබාදීමට මේ මොහොතේ සිදු කල නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගෙන ඇනවුම් කිරීමට මාස හයක් ගතවන බවත් මේ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බවත් හෙතෙම පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ ජන හමුවක් අමතමිනි.
එහිදී ඔහු මෙසේද පැවසීය.
මැතිවරණ කොමිසමට ඉන්ධන ලබාදෙන්න බලශක්ති අමාත්‍යංශයේ නිළධාරින් එකඟවූ බව පත්තරේක තිබුණා.මම මේ ගැන හොයල බැලුවා.අපේ නිළධාරින් එහෙම එකක් කියල නැහැ.අපේ අපේක්ෂකයන් ඉන්ධන නැතුව ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ අය රට වටේම දුවනවා. පහුගිය කාලේ ඉන්ධන ගබඩාකර ගත්ත අය අද මාලිමාවේ අපේක්ෂකයන් වෙලා.
රටේ පාළාත් පාලන අපේක්ෂකයන් 80000ක් ඉන්නවා.ඉන්ධන කෝටාව වැඩිකරනවනම් මේ ඔක්කෝටම වැඩි කරන්න ඕන. එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් වැඩිකරල බැහැ.අපේක්ෂකයකුට සතියකට ඉන්ධන ලීටර් 5ක් දෙනවා. මේ අය දවසට ලීටර් 5ක් ඉල්ලනවා. මමත් ඒක පිලිගන්නවා. නමුත් මේ මොහොතේ ඒක කරන්න බැහැ. අවශ්‍ය මුදල් හොයාගෙන ඉන්ධන ඇණවුම් කරන්න අපිට මාස හයක් ගතවෙනවා. අපි මේ ගැන පසුගිය මාසයේ මැතිවරණ කොමිසමට මේ ගැන දැනුම් දුන්නා.
විදුලිය නිකන් දීපු නිසා තමයි ජනතාව මත මෙච්චර බරක් පැටවිලා තියෙන්නේ.රුපියල ශක්තිමත්වීමේ වාසිය අප්‍රේල් මාසයේදී ජනතාවට ලබාදෙන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම කවුරු විරුද්ධ වුණත් ප්‍රතිව්‍යුහගත කිරීමත් අනිවාර්යයෙන්ම කළ යුතුමයි. ඒකෙන් තමයි ජනන සැලැස්ම ක්‍රියාත්මක කරල අඩු මුදලට ජනතාවට විදුලිය දෙන්න පුළුවන් වෙන්නෙ.විදුලිබල මණ්ඩලයේ හා ඛණිජතෙල් සංස්ථාවේ සේවකයන් සියයට 90ක් මේකට එකඟයි.විරුද්ධ නිකං පඩි ගත්ත අයයි.
විදුලිබල මණ්ඩලයේ ඉන්න රංජන් ජයලාල් අවුරුදු 21ක් නිකං වැඩකරල පඩි ගත්ත කෙනෙක්.ට්‍රාන්සර් බෝඩ් එකේ ඉන්නෙත් එයා.ඒක නිසා සාමාජිකයන් එතනට එකතු වෙනවා. විදුලිබල හා ඉන්ධන මිල අඩුකරල මේ ආයතන පවත්වාගෙන යන්න නම් ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයි.
සමඟි ජන බලවේගය ඉකොනොමික් බ්ලු ප්‍රින්ට් කියල සැලැස්මක් ඉදිරිපත් කළා.විදුලිබල මණ්ඩලය කෑලි තුනකට වෙන්කරල විදුලි ජනනය හා බෙදාහැරීම පුද්ගලික අංශය සමඟ එකතුවෙලා කරන්න කියල එහි සඳහන් වෙනවා.ඒ අය අපිට වඩා එකක් එහාට ගිහිල්ලා.ඒ නිසා පාර්ලිමේන්තුවේ විරුද්ධ වෙන එකක් නෑ කියල අපි හිතනවා.


0 Comments