පාර්ලිමේන්තුවේ මාසික ආහාර වියදම කෝටිය පනී…

 


විදුලිය ගෑස් හා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම මත පාර්ලිමේන්තුවේ ආහාර වියදම සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇත.

පාර්ලිමේන්තුවේ ආහාර සඳහා මාසික වියදම රුපියල් ලක්ෂ අනූවක් පමණ වුවද දැන් එය කෝටිය ඉක්මවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.

පාර්ලිමේන්තුවේ ආහාර සඳහා වැය වන මුදලින් සියයට 60 කට අධික ප්‍රමාණයක් වැය වන්නේ එහි කාර්ය මණ්ඩලයේ ආහාරපාන වෙනුවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දුරට ආහාර ලබා ගන්නේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන දිනවලදී පමණක් වන අතර එය බොහෝ දුරට මාසයකට දින අටක් පමණ වෙයි. ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා නොගනී.

නමුත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට මාසය පුරා රජයේ වැඩ කරන දිනවල පාර්ලිමේන්තුවෙන් වෙන ආහාර සහනදායි මිලට ලබා දෙයි.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ දහසකට ආසන්න පිරිසක් වෙති.

Post a Comment

0 Comments