ඉහල දැමු විදුලි බිලට විරෝධය පාමින් දඹුල්ල නගර මධ්‍යයේදි ඊයේ 10 රාත්‍රියේ පන්දම් විරෝධයක් සිදු කෙරිණ.
විදුලි බිල වැඩි කිරිම නිසා ජනතාව පිඩාවට පත් වි ඇති අයුරු විදහා දැක්වෙන පුවරු හා බුමිතෙල් පන්දම් රැගෙන විරෝධතා කරුවන් දඹුල්ල නගරයේ විදි ඔස්සේ පාගමනක නිරතව අණතුරුව දඔුල්ල නගර මධ්‍යයේ ඔරලොසු කණුව අසල විරොධතායේ නිරතව සිට සමකාමිව විසිර ගියහ.
ජාතික ජන බලවේගයේ දඹුල්ල ශාඛාව විසින් මෙම පන්දම් විරෝධය සංවිධානය කර තිබු අතර , එම විරෝධයට විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙම විරොධතාවය පැවැත්වෙන කාලයේදි නගර බලධාරින් නගරයේ ඒක්මාවතක සම්ප්ර්ණයෙන් විදුලිය බල්බ නිවා දමා තිබුණු අතර දඹුල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් ආරක්ෂාව ලබාදුන්නේය.


0 Comments