‘බාල අපාරාධකරුවන්, ස්ත්‍රී දූෂකයන්, අවයව විකුණපු අය අද මාලිමාවේ අපේක්ෂකයන් වෙලා’ යයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ගම්පහල උඩුගම්පළ ‘ජනදුක නිවන තැන මෙතැන’ මැයෙන් පැවැති දේශපාලන රැස්වීමට සහභාගි වෙමිනි.
එහිදී ඔහු මෙසේද පැවසීය.
‘ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව අපිට අලුත් ජනාධිපතිවරයෙක් පත්කරගන්න සිදුවුණා. ඒ වෙලාවෙදි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහය පළකළේ දේශපාලන න්‍යාය පත්‍රයකින් තොරවයි.
රට මුහුණ දී හිටපු ආර්ථික අර්බුධයෙන් රට ගොඩගන්න පුළුවන් සහ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන්නෙ එතුමටයි. ඔහු රට භාර ගන්න කොට ආහාර උද්ධමනය සියයට 95යි. අද ආහාර උද්ධමනය සියයට 50.2යි. විදේශ සංචිතය තිබුනේ ඇ.ඩෝ බිලියන 20යි. අද විදේශ සංචිතය ඇ.ඩො බිලියන 2.8යි. සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටිල තිබුනේ. මේ ගතවූ මාස දෙකට සංචාරකයන් පැමිණීම සියයට 262න් ඉහළ ගිහිල්ලා. ඩොලරය අඩුවෙලා. ඩොලරය අඩුවෙනකොට ඉන්ධන මිල, ගෑස් මිල,අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල බහිනවා. ගතවූ මාස හතට රටේ අර්බුධය සමථයකට පත්කරන්න ජනාධිපතිතුමා කටයුතු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් දෙන්න එකඟවෙලා. ඊට පස්සේ ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දෙනවා. ආසියානු සංවර්ධන බැංකුව සල්ල දෙනවා. තව මාසයක් දෙකක් යනවිට මේ පවතින ආර්ථින තත්ත්ය කණපිට හැරෙනවා. මිනිස්සුන්ට සහන ලැබිලා හුස්ම ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා.
අද ඉන්න අය ජනතා විමුක්ති පෙරමුණ ගැන දන්නේ නැහැ. 2015 ආණ්ඩුව සමයේදි හොරු අල්ලන්න පිහිටුවපු කමිටුවේ ප්‍රධානීයා අනුර කුමාර දිසානායක. චෝදාන දාල ෆයිල් හැදුවා. අල්ලපු හොරොක් නැහැ. හොරු එලවන්න මාලිමාවට ඡන්දය දෙන්නලු.
වත්තල ප්‍රාදේශීය සභාවට ඡන්දය ඉල්ලනවා චීන අසූචි නැව ලංකාවට ගෙනාපු සමාගමේ විධායක නිළධාරියා. බාල අපාරාධකරුවන්, ස්ත්‍රී දූෂකයන්, අවයව විකුණපු අය අද මාලිමාවේ අපේක්ෂකයන් වෙලා.
පොහොට්ටුවේ ඔබට එහෙම චෝදනා නැහැ.ගම හදපු, රස්සාදීපු, මඟුලට,මරණයට හිටපු අපි බයවෙන්න ඕන නැහැ’


0 Comments