මහින්දානන්ද නිධන් වස්තු තැන්පත් කරයි…

 නාවලපිටිය  ශ්‍රී පාද පිරිවෙනහි අභිනවයෙන් ඉදිවන චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ගර්භ නිධාන පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍ය කුරුඳුවත්ත රුවන් පා පරිවෙනාධිපති, විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති මාවතුපොල  අනුරුද්ධ නායක ස්වාමිපාදයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ උඩබුලත්ගම සහ උඩපළාත උප ප්‍රධාන සංඝනායක පස්බාගේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ගෞරවාර්භ යටලමත්තේ පේමරතනාභිමාන  නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

රියන් 22ක් උසැති මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් නාවලපිටිය ශ්‍රී පාද පුදබිමේ ඉදිවෙමින් පවතින අතර, ගර්භ නිධාන පුණ්‍ය මහෝත්සවය සඳහා  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහභාගී විය.

චෛත්‍ය රාජයාණන්ගේ ගර්භය තුළ පූජා වස්තු තැන්පත් කිරීම සඳහා ප්‍රදේශවාසීන්ට අවස්ථාව සලසා  දී තිබු බව නාවලපිටිය  ශ්‍රීපාද පිරිවෙන් විහාරාධිපති , කෘත්‍යාධිකාරී. ශාස්ත්‍රපති පණ්ඩිත රෑබෑවේ ප්‍රභාස්වර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පැවසිය.

Post a Comment

0 Comments