වීරකැටිය යුද පිටියක් වෙයි.. ගම්මු පොලිසියට පහර දෙති.. පොලිසියේ අටක් රෝහලේ..

 


වැටලීමක් අතරතුර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් හයදෙනෙකු හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමක් අතරතුර ගම්වාසීන් හා වැටලීම් කණ්ඩායම අතර මෙම ගැටුම සිදුවී තිබේ.

ගැටුම හේතුවෙන් ගම්වාසීන් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ප්‍රදේශයේ සැකකටයුතු පිරිසක් සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට උත්සාහයකදී ඊට විරෝධය පළ කරමින් දෙපාර්ශ්වය අතර මෙම ගැටුම ඇති වී තිබේ.

පොලිසිය විසින් සිදුවීම සම්බන්ධයෙන් එකම පවුලේ හය දෙනකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇත.

Post a Comment

0 Comments