එළඹෙන උත්සව සමය වෙනුවෙන් බේකරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා පවතින පාරිභෝගික ඉල්ලුමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් සැපයුමක් ලබා දීම සඳහා බිත්තර පවුඩර් සහ දියර බිත්තර ආනයනය කිරීම සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහා සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම සාකච්ඡාව අද (09) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යංශය පවත්වා ඇත.
එහිදී මේ වන විට වෙළෙඳපොළට බිත්තර පවුඩර් හා දියර බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් ආනයනික බදු සැලකිය යුතු ප්‍රමාණයක් පවතින අතර එම බදු ප්‍රමාණයන් අවම කර ගැනීම පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යවරයා අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.


0 Comments