හොරණ ඇලක මළ සිරුරක්...

 

හොරණ, වගවත්ත "මඩ ඇල" නමින් හඳුන්වන ඇලේ තිබී පුද්ගල මළ සිරුරක් අද (04) උදෑසන හොරණ පොලිසිය මඟින් සොයාගෙන තිබේ.


අදාළ මළ සිරුර ඔහුගේ ඥාතීන් විසින් අද උදෑසන ම හඳුනාගෙන තිබෙන අතර ඔහු වගවත්ත ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි අවිවාහික පුද්ගලයෙකි.


මොහු කලක සිට මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයකු බව ඥාතීන් විසින් හොරණ පොලීසියට දැනුම් දී ඇත.


 හොරණ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments