ලෝක ප්‍රකට ක්‍රීඩා ඇඳුම් සහ පාවහන් නිෂ්පාදන සමාගමක් වන 'නයිකි' සමාගම විසින් සිය නවතම පාවහන් නිෂ්පාදන සඳහා කැන්ගරු හම් යොදා ගැනීම නවතා දමන බවට ප්‍රකාශ කළේය.
ඒ නයිකි සමාගමේ ප්‍රධානත ම ප්‍රතිවාදියා වූ ජර්මානු සමාගමක් වන පූමා සමාගම නයිකි සමාගම ගත් තීරණයට සමාන පියවරක් මීට සති කිහිපයකට පෙර ගැනීමෙන් අනතුරුවයි.
මෙම තීරණයට නයිකි සමාගම පිවිසීමෙන් පසුව සත්ත්ව අයිතීන් සම්බන්ධයෙන් අතිශය සංවේදී වන පිරිස් වෙතින් අදාල සමාගම් සපත්තු සඳහා සත්ත්ව සම් භාවිත කිරීම පිළිබඳ මතභේදය යම් තාක් පහ වී යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


0 Comments