අන්තරේ කැදවුම්කරු නිදහස් කිරීම ගැටලුවක් ?

 



අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යය බල මණ්ඩලයේ කැදවුම්කරු නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන අභියාචනය ලබන 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.


ඒ අනුව එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා අදාළ අභියාචනයේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙත සිතාසි නිකුත් කරන ලෙස ද එම නියෝගයේ සඳහන් වෙයි.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නිදහස් කිරීමට දුන් නියෝග නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

Post a Comment

0 Comments