ඉන්ධන පිරවුම්හල් සංවිධානාත්මකව වැඩි මිලට පෙට්‍රල් අළෙවි කරන ජාවාරමක නිරතවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව මගී ප්‍රවාහනයේ නිරතව සිටින ත්‍රීරෝද රථ හිමියෝ පවසූ බව අපි ඊයේ (03) වාර්තා කළෙමු.
ඊට අදහස් දක්වමින් ඛනිජ තෙල් බෙදුම්‍කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ මෙම ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ඛනිජ තෙල් අමාත්‍යංශය බවයි.
එමෙන්ම මෙයට ප්‍රධාන හේතුවක් ලෙස ඔහු සඳහන් කළේ ත්‍රීරෝද රථ සහ යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත්කරන සිමාව මාස නවයක් ගත වූවද තවමත් සංශෝධනය කිරීමට පියවර නොගැනීමයි.
අදවන විට දැඩි ඉන්ධන හිඟයක් නොමැති බැවින් හැකිඉක්මනින් ඉන්ධන නිකුත්කරන ප්‍රමානය සංශෝධනය කිරීමට කටයුතු කිරීමෙන් මෙම ජාවාරම සම්පූර්ණයෙන්ම අහෝසිකල හැකි බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
0 Comments