සදුදා සිට වෛද්‍යවරු වර්ජනයක...

 



රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් ලබන සදුදා(13) සිට ආරම්භ වන පරිදි වෘත්තිය සමිති සහ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.


ඒ අනුව එදින උදෑසන 08 සිට බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත් 04 ආවරණය වන පරිදි සියලු රෝහල්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එම සංගමය නිවේදනය කළේය.


මීට අමතරව 14 වන අඟහරුවාදා උදෑසන 08 සිට උතුර, උතුරු මැද, වයඹ, ඌව සහ සබරගමුව යන පළාත් ආවරණය වන පරිදි සියලු රෝහල්වල ද මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර ඇත.


එමෙන්ම එළැඹෙන 15 වැනිදා දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (10) රැස්වූ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබෙන බව වාර්තා වේ.

Post a Comment

0 Comments