දෙහිවල ප්‍රදේශයේ පාසලක් තුළදී 11 හැවිරිදි පාසල් සිසුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේම සිසුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
සැකකාර සිසුන් දෙදෙනා එම පාසලේම 10 වසරේ ඉගෙනුම ලබන සිසුන් බවත්,අපයෝජනයට ලක් කර ඇත්තේ එම පාසලේම 6 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු බවත් පොලීසිය සඳහන් කරයි.
මොවුන් අවස්ථා කිහිපයකදීම මෙම සිසුවාව අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු ලැබී ඇත.
සැකකාර සිසුන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
දෙහිවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

0 Comments