උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
මේ මොහොතේ ආනයනකරුවන්ට අවාසියක් සිදුවුව ද එහි වාසිය මහජනතාවට ලබාදෙන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
"මේ අවස්ථාවේ ආනයනයකරුවන් ට පාඩු තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ව්‍යාපාරිකයින්ටත් එහෙම තමා. ඒ නිසා ආනයනකරුවන් ඉදිරියට එන්න තියෙන භාණ්ඩ සඳහා මිල අඩුකරලා ඒ සහනය ලබාදෙනවා. මිල වැඩිවෙද්දි මේ තත්ත්වය වගේම මිල අඩුවෙද්දිත් මේ තත්ත්වයට මුහුණදෙන්න වෙනවා. නමුත් මේකෙ වාසිය අපි කියන්නේ, පාරිභෝගිකයාට දෙන්න ඕනේ කියලා. ඒ නිසා මේක ඍජුවම ආනයනය කරන්න නොදී අපිට වැඩි වාසියක් පාරිභෝගිකයාට ලබාදෙන විදියට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවෙනවා. පහුගිය සුමානය දිහා බැලුවහම සීනි කිලෝවක් රු 25 - 30කින් වගේ අඩුවුණා. පරිප්පු අඩුවුණා. අල ළූණු මිල පහළට ගියා. ඒ නිසා අපි හිතන්නේ උත්සව සමයේ මිල මේ සති කිහිපය තුළ අඩුවෙලා පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුවට ලබාගන්න පුළුවන් වෙයි."

0 Comments