ජා-ඇළ ප්‍රදේශයේ බිත්තර ගබඩාවකට පාරිභෝගික කටයුතු අධිකාරිය තැබූ මුද්‍රා ඉවත් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) නියෝග කළේය.
ඒ එම බිත්තර මෙරට ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක් වෙත ලබාදීම සඳහා ගබඩා කර තිබූ බවට ඉදිරිපත් කළ ලේඛන සැලකිල්ලට ගනිමිනි.
වැඩි මිලට අලෙවි කිරීම සඳහා බිත්තර සඟවා තබා ගැනීමේ චෝදනාව යටතේ අදාළ ගබඩාවට මුද්‍රා තබා තිබුණි.
මෙම බිත්තර ගබඩා කර තිබූ ව්‍යාපාරික ආයතනය වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ(03) දින මෝසමක් මගින් කරුණු වාර්තා කළ අතර ඔවුන් දන්වා සිටියේ අදාළ බිත්තර තොගය මෙරට ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක් වෙත අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ බවය.
0 Comments