ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණ අංශයේ, ශක්තිමත් සන්ධිස්ථානයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සැලැසුම් හා ඊට අවශ්‍ය රාමුව මේවන විට සකස් කරමින්..

 


2030 වන විට ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණ අංශයේ, ශක්තිමත් සන්ධිස්ථානයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සැලැසුම් හා ඊට අවශ්‍ය රාමුව මේවන විට සකස් කරමින් සිටින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ මඟපෙන්වීම මත රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැඟීම සඳහා අවශ්‍ය ප්‍රමුඛතාවය රජය ලබා දී ඇතිබවයි.

තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන ඊ ස්වාභිමානී ( E swabhimani award )සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විනි.

ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් සමාජ ප්‍රගමනය උදෙසා නව යෙදවුම් නිර්මාණය කරන්නන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය පිරිනමන එකම සහ ප්‍රධානතම සම්මාන ප්‍රදානය වන්නේ ඊස්වාභිමානී සම්මානය වේ.

මෙහිදී 2020/2021 වසර වලට අදාල ව, අංශ නවයක් ඔස්සේ නව යෙදවුම් නිර්මාණය කළ තොරතුරු තාක්ෂණ අංශයේ පුද්ගලයින් 63 දෙනෙකුට සම්මාන ප්‍රදානය කෙරිණි.

සම්මාන ප්‍රදානෝත්සවය ට, සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කියා සිටියේ මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ වර්ධනය සඳහා තාක්ෂණ අමාත්‍යාංශය නිරන්තරයෙන් සහාය ලබා දීමට කැප වී සිටින බවයි.

2030 වසර වන විට ඩිජිටල් ආර්ථිකය අභිබවා බුද්ධිමත් ශ්‍රී ලංකාවක් කරා ප්‍රවිෂ්ට වීමේ අභිලාෂය යටතේ ( Transcended Digital Economy towards an intelligent srilanka 2030″) ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ මඟපෙන්වීම මත සැලසුම් සකස් කරමින් සිටිනවා, මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන තාක්ෂණ අංශයේ ජාත්‍යන්තර සමුළුවේ දී ශ්‍රී ලංකාවට ගෝලීය වෙළඳ පොල වෙත පිවිසීමේ අවස්ථාව හිමිවනවා.

මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට විදේස් රටවල කර්මාන්ත කරුවන් සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිය දෙනෙකුට අධික පිරිසක් සහභාගි කරවීමට නියමිතය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කර්මාන්ත 50 ක් ජාත්‍යන්තර මට්ටම ට රැගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ද මෙහිදී සැලසුම් කර තිබෙනවා, එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ප්‍රවාහනය, අධ්‍යාපනය, ඇතුළු ක්ෂේත්‍ර පහක් ( INDUSTRY 5.0) කර්මාන්ත 5.0 සඳහා සංවර්ධනය කිරීම ට ද අපේක්ෂා කරන බවද කනක හේරත් මහතා කීය.

මේ වසරේ අග භාගයේ දී පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය හරහා ඇතිවන විදේශ ආයෝජන මෙන්ම ගෝලීය වෙළඳ පොල ට පිවිසීම හරහා වක්‍ර සහ ලෙස රටට ඩොලර් බිලියනයක විදේශ විනිමය උපයා ගැනීමට හැකි වෙතැයි ද අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩිදුරටත් කීය.

ඊ ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය මලික් රණසිංහ මහතා, ඊ ස්වාභිමානී සම්මාන විනිසුරු මණ්ඩල සභාපති මහාචාර්ය රන්දික හල්වතුර මහතා, ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.


Sisira Wijesinghe

Media Secretary

Post a Comment

0 Comments