අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක තොග මිල පහළ ගොස් ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රකාශකයෙක් සදහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල පහළ ගොස් ඇති බවයි.
ඒ අනුව අර්තාපල්, ලූණු, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍යය භාණ්ඩ රැසක තොග මිල සියයට 07 කින් පමණ පහළ ගොස් තිබේ.
රුපියල තවදුරටත් ශක්තිමත් වුවහොත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවත් පහළ යා හැකි බව එම සංගමය සදහන් කරයි.

0 Comments