විශේෂඥ වෛද්‍යවරු විදේශගත වීමෙන් ළමා වාට්ටුවක් වසා දැමේ...

 



අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු තුනක් පවතින අතර විශේෂඥ වෛද්‍යවරු විදේශගත වීම හේතුවෙන් මහාචාර්ය ඒකකයේ පවතින ළමා වාට්ටුව අද (30) දින සිට වසා දැමීමට රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් කටයුතු කළ බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.


එහි සහකාර ලේකම් අජන්ත රාජකරුණා පැවසුවේ රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය හා වෘත්තිකයින්ට රට තුළ ජීවත්වීමේ පවතින අපහසුතාවය හේතුවෙන් වෛද්‍යවරු රට හැරදමා යාමේ අවදානමක් පවතින බවයි.


එහි පිළිබිඹුවක් ලෙස මෙම ළමා වාට්ටුව වසා දැමීම බව ඔහු පෙන්වා දෙයි.


මෙම ළමා වාට්ටුව වසා දැමීම හේතුවෙන් වෛද්‍ය සිසුන්ට ද විශාල බලපෑමක් සිදුවන බවත් අනුරාධපුර තඹුත්තේගම හැර අනෙකුත් කිසිදු මූලික රෝහලක විශේෂඥ ළමා වෛද්‍යවරු නොමැති හෙයින් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන ළමා රෝගීන් මෙන්ම වෛද්‍යවරුන්ද දැඩි අපහසුතාවයන්ට පත්වන බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් පවසයි.

Post a Comment

0 Comments