12 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මෙම මස 18 වැනි සෙනසුරාදා පැවැත්වේ.
වසර කීපයකින් එම විභාගය නොපැවැත් වූ අතර මෙවර 2019,2020, 2021 සහ 2022 යන වසරවලදී 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට ඊට සහභාගී විය හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
එම විභාගයේ ප්‍රවේශ පත්‍ර සහ පාසල් පැමිණීමේ ලේඛන තැපැල් මගින් එවනු නොලබන අතර රජයේ පාසල් සහ පෞද්ගලික පාසල් ඒවා වෙන වෙනම බාගත යුතු බවද ඔහු කීය.
රජයේ පාසල්වලට https://online exams.gov.lk/eic යන වෙබ් අඩවියෙන් ද පෞද්ගලික පාසල්වලට https://online exams.gov.lk/eic/index.php/clogin/psch යන වෙබ් අඩවියෙන් ද ප්‍රවේශ පත්‍ර බාගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.


0 Comments