ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ගණන් වැඩි වුව ද අද (05) දිනයේ දී ගෑස් මිල ගණන් කිසිදු අයුරකින් ඉහළ දැමීමක් සිදු නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.
එහි සභාපති මුදිත පීරිස් නිවේදනයක් නිකුත් කර කියා සිටියේ, ඩොලරයේ අගය මත රුපියල ශක්තිමත් වුව ද ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ඒ අනුව මේ වන තෙක් පැවති ගෑස් සිලින්ඩරවල සාමාන්‍ය මිල ගණන් මට්ටම එලෙසම රඳා පවතිනු ඇති බව ද එම නිවේදනයේ සඳහන්.


0 Comments