‘මැතිවරණයට මුදල් දෙන්න..’ – මැ.කො. ලිඛිතව මුදල් ඇමතිගෙන් ඉල්ලයි…

 


පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිඛිතව ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පෙන්වා දෙන්නේ මැතිවරණයට මුදල් ලබාදීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අනුමැතිය අවශ්‍ යයයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කිරීම නිසා මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.

මීට අමතරව මැතිවරණයට මුදල් මෙතෙක් ලබා දී නැති බව ඡන්දයකට මුදල් ලබාදෙන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ පාර්ශවයට දැනුම් දීමක් කරනු ලබන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

Post a Comment

0 Comments