පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබා නොදෙන බව පවසා නැති බවත් නමුත් මහා භාණ්ඩාගාරයට මුදල් නැතිනම් මුදල් කෙසේ ලබා දෙන්නේ දැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
අයවැය ලේඛණයක් යනු ආදායම් වියදම් ඇස්තමේන්තුවක් පමණක් බවත් බලාපොරොත්තු වන ආදායම් සහ ඒවා වියදම් කිරීමට බලාපොරොත්තු ආකාරය එහි සටන් කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.
නමුත් බලාපොරොත්තු වන ආදායම නොලැබූණේ නම් ඇස්තමේන්තු කරන ලද වියදම්ද සිදුකළ නොහැකි බව ද හෙතෙම පැවසීය.
පලාත් පාලන මැතිවරණයට අදාළ මුදල් නිදහස් නොකර සිටීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ගැන මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.
0 Comments