ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බව ඇමෙරිකාව පවසයි.
චීනය නිර්මාණය කර ඇති මෙම යෙදවුම මගින් තම රටේ ආරක්ෂක දත්ත ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් ඇති බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.
මේ වන විට ඇමෙරිකාවේ මිලියන 100කට අධික ජනතාවක් ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කරමින් සිටින අතර එම තහනම ගෙන ආ පසු ජනතාවගෙන් විරෝධයක් පැන නැගුනහොත් එම යෙදවුම භාවිත කිරීම සඳහා සීමා පැනවීමට හෝ කටයුතු කරන බව ඇමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

0 Comments