ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් ගිරිගෝරිස් පාලම ආසන්නයේ ගසක ගෙළවැලලා ගනිමින් ගුවන් හමුදා සෙබලෙක් සියදිවි හානි කරගෙන තිබේ.
සිද්ධියේන් මියගොස් ඇත්තේ අනුරාධපුර ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා සති අන්තයේ නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර ඊයේ (12) රාත්‍රීයේ අහාර ගෙන නැවත රාත්‍රී 9.30 ට පමණ තමන්ගේ බිරිඳ ට මිතුරෙකු හමුවීමට යන බව පවසා නිවසෙන් බැහැරව ගොස් ඇත.
පසුව ඊයේ රාත්‍රීයේ සිට මෙම පුද්ගලයා නිවසට නොපැමිණීම හේතුවෙන් පැමිණිල්ලක් සිදුකිරීම සදහා මියගිය පුද්ගලයාගේ බිරිඳ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී තම ස්වාමියා මෙලෙස සියදිවි හානිකර ගැනීමකින් මියගොස් ඇතිබව අනාවරණය කරගෙන ඇත.
මිය ගිය පුද්ගලයාගේ දේහය පෂ්චාත් මරණ පරීක්ෂණය සදහා මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ඇත.

0 Comments