රුවන්වැල්ල, මාපිටිගම ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් 12 හැවිරිදි ළමයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ කැලණි ගඟේ දියනෑමට ගොස් යළි නිවෙස් වෙත පාගමනින් ගමන් කරමින් සිටි ළමුන් පිරිසකට ඊයේ (15) පස්වරුවේ අකුණුසැර වැදීමක් සිදුව ඇති බවය.
ළමුන් තිදෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ඉන් එක් ළමයෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ රුවන්වැල්ල, ගෝනගල ප්‍රදේශයේ පදිංචිව සිටි ළමයෙකු බව පොලීසිය සඳහන් කළේය.

0 Comments