වෛද්‍යවරුන් 1320කට පත්වීම්...

 

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්, 1320කට ලබන 25 වැනිදා සිට පත්වීම් ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.


ඔවුන්ගෙන් වැඩි පිරිසක් දුෂ්කර ප්‍රදේශයන්හි ග්‍රාමීය රෝහල් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.


මේ වනවිට රට තුළ සමස්ත වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය 19,000ක් වන අතර, නව වෛද්‍යවරුන්ගේ පත්වීමත් සමග එය 20,000 ඉක්මවනු ඇති.


එමෙන්ම, වාර්ෂිව වෛද්‍ය විද්‍යාලය සදහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 1800ක් පමණ වන බවත් එය 5000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

Post a Comment

0 Comments