ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් වැඩිපුර රුපියල් 1450 ක මුදලක් ලබාගත් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් නියම කර තිබේ.
කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යු . රන්ජන පැවසුවේ එම දඩ පුද්ගල පාරිභෝගික අධිකාරි ඉතිහාසයේ පෞද්ගලික රෝහලකට හෝ රසායනාගාරයක් සඳහා නියම කළ වැඩිම දඩ මුදල බවයි.
ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා ගැසට් පත්‍රයේ සඳහන් නියමිත ගාස්තුව වන රුපියල් 1200 මිල ඉක්මවා 2500 ක මුදලක් අය කිරීම , පූර්ණ රුධිර ගණන පරීක්ෂණය (fbc) සඳහා නියමිත ගාස්තුව වන රුපියල් 400 ක මුදල ඉක්මවා රුපියල් 550ක මුදලක් රෝගීන්ගෙන් අය කර තිබූ බවට සිදුකළ වැටලීමේදී අනාවරණය වූ බව ජේෂ්ඨ විමර්ශන නිලධාරියා කීය.
චෝදනා දෙක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කිරීමෙන් අනතුරුව එකී දඩ මුදල නියම කෙරිණි.
0 Comments