එළඹෙන උත්සව සමය නිමිත්තෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකම බිත්තර වැඩි මිලට අලෙවි කිරිම, බිත්තර සන්තකයේ තබාගෙන අලෙවි නොකිරිම යන චෝදනා යටතේ වෙළදුන් 20 දෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කල බව පාරිභෝගික සේවා අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථානාධිපති අමිල රත්නායක පැවසිය.
ඉකුත් සතිය තුල නුවරඑලිය , නානුඔය , තලවකැලේ, කොටගල, හැටන් , නොර්වුඩ් ,මස්කෙලිය , රාගල , ගිනිගත්හේන , පුඩළුඔය, හපුගස්තලාව , වටවල යන ප්‍රදේශවල වැටලිම් සිදු කල බවත්, එම වැටලිම් වලදි බිත්තර වැඩි මිලට අලෙවි කල වෙලෙදුන් 10 දෙනෙකු හැටන් සහ නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් වරද පිලිගත් නිසා එම චුදිතයන් සියළු දෙනාගෙන් රුපියල් පන්ලක්ෂ තිස්දහසක දඩ මුදලක් තම අධිකාරියට අය කර ගැනිමට හැකි වු බවද අමිල රත්නායක පැවසිය.
බිත්තර සන්තකයේ තබාගෙන පාරිභෝගිකයන්යට අලෙවි නොකර සිටි නුවරඑලිය නගරයේ වෙලෙන්දෙකුගේ බිත්තර 2000 ක් අධිකරණය මගින් රාජසන්තක කල බවත්, මෙවැනි වැටලිම් උත්සව සමය අවසන් වන තෙක් සිදු කරන බවයි අමිල රත්නායක කියා සිටියේ.

0 Comments