එක රිළවෙක්ට රුපියල් 25,000 ක්...

 



රිළවෙක් අල්ලාගැනීම සඳහා දළ වශයෙන් රුපියල් 20,000ත් 25,000 අතර මුදලක් අදාළ සමාගමට වියදම් වනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.


රිළවුන් චීනයට යැවීම සම්බන්ධයෙන් රටතුළ ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක කතාබහ සම්බන්ධයෙන් "මොකද වුණේ" විශේෂාංගය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ,

"මේ ව්‍යාපෘතිය අපිට ඇවිල්ලා තියෙන්නේ චීන සමාගමකින්. අපිට ආව තොරතුර අපි කැබිනට් එකට වාර්තා කරනවා. මේක ක්‍රියාත්මක වීම තීන්දු වෙන්නේ අනුකමිටුව මේ පිළිබඳව කරන විශ්ලේෂණයකින් පස්සේ. චීනයේ තියෙනවා කියන සත්වෝද්‍යාන 1000කට අධික ප්‍රමාණයකට සැපයීම සඳහා තමයි මේ ඉල්ලීම කරලා තියෙන්නේ. "

"වන්ධ්‍යකරණ ව්‍යාපෘති කළා ඒවා ඔක්කෝම අසාර්ථකයි. එහෙම කරපු තැන්වල එයාල තුවාළ වෙලා විඳවලා මැරිලා තියෙන්නේ. තව අවුරුදු 10 විතර යනකොට මිනිස්සුන්ට ගෙදරින් එළියට බහින්න බැරිවෙනවා. සමහර බටහිර රටවල් තියෙනව මුවෝ වැඩිවුණාම එක කාලයක් දෙනවා මුවෝ මරන්න. සහ මස්වලට විකුණන්නත් දෙනවා. නෝවේ ගියාම තල්මසුන් මරලා විකුණන්න තියෙනවා. කැන්ගරුවෝ වැඩිවුණාම මරලා දාලා තියෙනවා. පරිසරවේදීන්ටත් ගෙවල්වල හෙට අනිද්දාට ඉන්න බැරිවෙයි. ටිකක් කියලා බලන්න ඕන රිලවෙක්ට දවසක් දෙකක් කන්න දීලා මොකද වෙන්නේ කියලා. එතකොට තමයි තේරෙන්නේ. "

"එයාලා වහාම ක්‍රියාත්මක කරන්න ලෑස්තියි. ලබන මාසේ 1000ක් විතර ඉස්සරවෙලා ගෙනියන්න අවසර දෙන්න කියලා ඉල්ලුවා. නමුත් අපිට අවසරයක් එහෙම දෙන්න බෑ. අපිට කිව්වා මේ රිලව් සල්ලිවලට අල්ලලා දෙන්න කියලා. මට පේන විදියට එක රිළවෙක් අල්ලන්න ඒ ගොල්ලන්ට රුපියල් 20,000 ක් 25,000 වියදම් කරන්න වෙයි. ඒගොල්ලෝ දැනට කියලා තියෙනවා නවීන තාක්ෂණය සහිත කූඩු වර්ගයක් තියෙනවා කියලා. සතුන්ට හානියක් නොවෙන්න . මේ පරිසරවේදීන් කලබල වෙලා කතාකළාට කිසිම ආකාරයකින් මස් පිණිස සතුන් යවන්නේ නෑ

Post a Comment

0 Comments