රුපියල් 9000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලොන්නරුව කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
එම කොමිසම සඳහන් කළේ නීතිවිරෝධී මත්පැන් පෙරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට උපකාර කිරීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවය.
මින්නේරිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් පොලොන්නරුව ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේදී අදාල අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී ගෙන තිබේ.
සැකකරුවන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

0 Comments