පසුගිය වසර තුළ මෙරටින් පිළිකා රෝගීන් 38,772ක්...

 

පසුගිය වසර තුළ මෙරටින් පිළිකා රෝගීන් 38,772ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසයි.


එහි ප්‍රජා වෛද්‍ය වි‍ශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කළේ වසරකට පියයුරු පිළිකා රෝගීන් 5,200ක පමණ පිරිසක්ද වාර්තාවන බවය.


"ගිය වසරේ ලංකාව පුරා පිහිටි රජයේ පිළිකා ප්‍රතිකාර ඒකකවලට අලුතින් රෝගීන් 38,772 ක් වාර්තා වෙලා තිබුණා. ඒ අතුරින් කාන්තාවන් තුළ බහුලවම ඇති පිළිකා රෝගය ලෙස වාර්තා වන්නේ පියයුරු පිළිකාව. අවුරුද්දකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 5,200ක විතර කාන්තාවන් වාර්තා වෙනවා." 


"දෙවනුවට තෛරොයිඩ් ග්‍රාන්ථි පිළිකාව. තෙවනුවට මහා අන්ත්‍ර හෝ ගුද මාර්ග පිළිකාව.. කාන්තාවන්ගේ." 


"පිරිමින්ගේ පළවෙනියට තියෙන්නේ මුඛ පිළිකාව. 2,400ක් විතර අලුතින් හඳුන ගන්නවා අවුරුද්දකට. ඊට පස්සේ පෙනහලු පිළිකාව 1,700ක් විතර හඳුනා ගන්නවා. පිරිමින්ගෙත් තුන්වෙනියට වාර්තා වන්නේ මහා අන්ත්‍ර ගුද මාර්ග පිළිකාව." 


"පිරිමින්ගෙත් කාන්තාවන්ගෙත් මහා අන්ත්‍ර ගුද මාර්ග පිළිකාව.. ඒ කියන්නේ බඩවැල් අශ්‍රිත පිළිකාව වැඩිවෙමින් පවතිනවා.. දෙගොල්ලන්ගේම ප්‍රධාන පිළිකා අතර."

Post a Comment

0 Comments