අනවසරෙන් විදෙස් ගතවීමට උත්සාහ කළ 4 දෙනෙකු අත්අඩංගුවට...

 



කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ පැනමා රාජ්‍යයට අයත් නෞකාවට අනවසරෙන් ඇතුළු වී විදෙස් ගතවීමට උත්සාහ කරන ලද තරුණයින් 4 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.


නෞකාව යාත්‍රා කරමින් සිටිය දී එහි කාර්ය මණ්ඩලය විසින් මෙම පිරිස නෞකාවේ සේවකයන් නොවන බවට හදුනාගැනීමත් සමඟයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.


පසුව ආගමන විගමන නිළධාරීන් ඊයේ (10) පස්වරුවේ නෞකාවට ගොඩවී සැකකරුවන් සිය භාරය ගැනීමෙන් පසු ගාල්ල වරාය පොලිසියට භාර දී තිබේ.


යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස පසුගිය 26 වැනිදා නෞකාවට ගොඩවන්නට ඇති බවටයි සැක කරනු ලබන්නේ.

Post a Comment

0 Comments