පොහොට්ටුවට නව සභාපතිවරයෙක්...

 



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබේ.


අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමේදී උන්වහන්සේගේ පත්කිරීම ඒකමතිකව සිදුකළ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පැවසීය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වර්ෂය සඳහා වන මහ සභා රැස්වීම අද පෙරවරු 10.00 ට පමණ එම පක්ෂ කාර්යාලයේදී පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණි.


අද දිනයේ පැවැත්වෙන මහ සභා රැස්වීමට එම පෙරමුණේ සභාපතිවරයා ලෙස සහභාගීවීමට පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස්ට පක්ෂ ලේකම්වරයා විසින් ලිපියක් මඟින් දැනුම්දී තිබුණද ඔහු ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර තිබුණි.


ඒ අනුව අද මහ සභා රැස්වීම පැවැත් වුණේ පක්ෂ සභාපතිවරයා නොමැතිවය.


අනතුරුව එම පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම සිදු වුණි.


ඒ අනුව පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවදුරටත් කටයුතු කරනු ලබයි.

Post a Comment

0 Comments