චීනය ගැන යුරෝපා සංගමයෙන් ප්‍රකාශයක්...

 

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම අවසන් කර දේශපාලන විසදුමක් සෙවීමට උදව් නොකළහොත් චීනය සමග විශ්වසනීය සබදතාවක් පවත්වා ගැනීම දුෂ්කරවනු ඇති බව යුරෝපා සංගමය පවසයි.


එම සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම හමුවේ මධ්‍යස්ථභාවයක් පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවය.


සෑම පාර්ශ්වයකටම යුරෝපා සංගමයේ ප්‍රතිපත්තියට එකඟවන ලෙස ඉල්ලීමක් නොකරන නමුත් නීතී උල්ලංඝනය කීරීම සම්බන්ධයෙන් සරලව සිතාබලන ලෙස ඉල්ලා සිටින බව විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් සඳහන් කර තිබේ.


ඔහු මේ සතියේ චීනයේ සංචාරයක නිරතවීමට සූදානම්ව සිටියද කොරෝනා වෛරසය ආසාධනයවීම හේතුවෙන් එය කල්දමා ඇති බවයි වාර්තා වෙයි.

Post a Comment

0 Comments