පාස්කු ඉරිදා අදයි...

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මරණය පරාජය කර උත්ථානය ලැබීම ලොවපුරා සැමරෙන පාස්කු ඉරු දින අද (09 වැනිදා) යෙදී තිබේ.


ඒ වෙනුවෙන් වූ ප්‍රධාන දේව මෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී ඊයේ (08 වැනිදා) රාත්‍රියේ පැවැත්විණි. ඊට සමගාමීව සියලුම දේවස්ථානවල දී ද ඊයේ රාත්‍රියේ සිට අද දවස පුරා දේව මෙහෙයයන් පැවැත්වේ.


ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුනුවන් විවිධ වත්පිළිවෙත් අතර ගත කළ දින හතළිහක චතාරික සමයද පාස්කු ඉරිදායින් අවසන් වන්නේය. ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත් කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයන්ට දර්ශනය වූ බව බයිබලයේ සඳහන් වෙයි.


කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ 2019 වසරේ පාස්කු ඉරුදිනය. එම ප්‍රහාරය සිහි ගන්වනු වස් ජාඇල බෝපිටිය දේවස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා අද දහවල් යතුරු පැදි පෙරහරක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

Post a Comment

0 Comments