ලෝක වෙළෙඳපොළේ තෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල පෙරේදා (03) ඇමරිකානු ඩොලර් 85ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
එය 6%ක පමණ වැඩි වීමකි. තෙල් මිල මේ ආකාරයෙන් ඉහළ යෑමට හේතු වී ඇත්තේ තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් කිහිපයක් ඔවුන්ගේ නිෂ්පාදනය අඩු කිරීමට පියවර ගැනීමය.
සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තවත් ගල්ෆ් රටවල් කිහිපයක්ම මේ අන්දමින් නිෂ්පාදනය අඩු කර තිබේ.
දිනකට බැරල් මිලියනයකට ආසන්න සංඛ්‍යාවකින් නිෂ්පාදනය අඩු කරන බව ඔවුන් පවසා ඇත.
රුසියාවද මේ වනවිටත් ඔවුන්ගේ නිෂ්පාදනය අඩු කර ඇති අතර මෙම වසර අවසාන වනතෙක් එහි වෙනසක් නොවනු ඇති බව ඔවුහු සඳහන් කරති.
තෙල් මිල ඉහළ යාම නැවතත් ලොව බොහෝ රටවල ජීවන වියදම ඉහළ යාමට හේතු වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
නමුත් ක්‍ෂණිකව එවැනි බලපෑමක් නොවන්නට ඉඩ ඇති බවද සමහර විශේෂඥයන් පවසා තිබිණි.
0 Comments