බුලත්විට කෑමේදි භාවිත කරනු ලබන රෝස පැහැති හුනුවල රොඩමීන් බී(Rhodamine B) නමැති පිළිකා කාරක සංඝටක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.
දිවයින පුරා විවිධ ප්‍රදේශවල බුලත්විට සමග කෑමට ගන්නා හුනු සාම්පල් හතළිස් අටක් මෙම පර්‌යේෂණයට භාජනය කර ඇති අතර ඒ අතරින් යාපනය ප්‍රදේශයේ ජනතාව බුලත්විට සඳහා යොදා ගන්නා රෝස පැහැති හුනුවල මෙම පිළිකා කාරකය වැඩි ප්‍රමාණයකින් අන්තර්ගත බවට හෙළිවී තිබේ.
රොඩමීන් බී යනු රෙදිපිළි, කඩදාසි මුද්‍රණ කර්මාන්තවලදී වර්ණකයක් ලෙස භාවිත කරනු ලබන ද්‍රව්‍යක් වන අතර මෙය වල්නාශකවල වර්ණය වෙන්කොට දැක්වීමට භාවිත කරන කෘත්‍රිම වර්ණක රසායනයක්ද වේ. එබැවින් මෙවැනි රසායනයක් කෑමට ගන්නා හුනුවල පැහැය වෙනස් කිරීම සඳහා යොදා ගැනීම දරුණු සමාජ අපරාධයක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගි යසවර්ධන, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රදීප් ජයවීර, මහාචාර්ය මංජුලා වීරසේකර සහ ආචාර්ය සජිත් එදිරිසිංහ යන පිරිසගේ සහය මත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසර උපාධි අපේක්ෂක හෂාන් ප්‍රියන්ත විසින් මෙම පරීක්ෂණය සිදුකර ඇත.

0 Comments