කිරි සිරවී කිරි දරුවෙක් මිය යයි…

 



වයස මාස පහමාරක පමන (5 1/2) පිරිමි දරුවකු කිරි හිරවිමෙන් මිය යාමේ පුවතක් මස්කෙළිය රෝහලින් වාර්ථා විය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසුමකදි අදහස් දැක්වු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය ග්ලැන්ටිල් වතුයායේ පදිංචි මාස පහ හාමාරක පමන පිරිමි දරුවකු මවුකිරි හිරවිමෙන්  රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බවත්ය.

සිගිති දරුවන්ට කිරි දිමේදි සමහර මවුවරුන්ගේ පවතින නොසැලකිලිමත් බාවය හේතුවෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවිම් සිදුවන බවත් එවන් තත්වයන් මග හැර ගැනිම සදහා තම දරුවන්ට කිරි දිමේදි සියලුම මවුවරුන් සැලකිලිමත් විය යුතු බවද එම නිලධාරියා පැවසිය.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගිය සිගිති දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂන පැවැත්විම සදහා එකි සිගිති මල සිරුර දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත පිටත් කර යැවිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

Post a Comment

0 Comments