මෙවර මහ කන්නය සඳහා ගොවින් විසින් වගා කරන ලද බඩඉරිඟු තොග ගොවි ජනතාව සතුව පවතින්නේ නම් ඒවා වහා අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාශය ඉල්ලීමක් කරයි.
බඩඉරිගු වල හිඟයක් පවතින බැවින් යළිත් බඩඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.
මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් ගොවීන් තමන් සතු බඩඉරිඟු තොග ගබඩා කර තැබීමට කටයුතු කළත්, බඩඉරිගු ආනයනය කළහොත් මිල ගණන් පහළ යා හැකි බව කෘෂිකර්ම අමාත්‍යාශය පෙන්වා දෙයි
එබැවින් දැනට වෙළඳපලේ බඩඉරිඟු සඳහා හොඳ මිලක් පවතින බැවින් තමන් සතු බඩඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන ලෙස ඉල්ලා සිටියි.

0 Comments