බිස්කට් හදන්න අලුත් වී වර්ගයක්...

 



බිස්කට් නිෂ්පාදනය සඳහා යොදාගත හැකි නව ‘වී’ ප්‍රභේදයක් බතලගොඩ වී පර්‌යේෂණායතනය විසින් හඳුන්වා දී තිබේ. මෙම ප්‍රභේදය බී.ජී. 381 නමින් හඳුන්වනු ලබන බව බතලගොඩ වී පර්‌යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජේ.බී. සේනානායක පැවසුවේය.


කොමේ වර්ගයේ බිස්කට් නිෂ්පාදනය සඳහා මෙම සහල් යොදා ගැනෙන අතර මෙතෙක් කාලයක් කොමේ වර්ගයේ බිස්කට් නිෂ්පාදනයට අවශ්‍ය සහල් ගෙන්වූයේ විදේශවලිනි. බිස්කට් කර්මාන්ත අංශයට මෙම වී ප්‍රභේදය වඩාත් සාර්ථකව යොදාගත හැකි බවත්, බතලගොඩ වී පර්‌යේෂණායතනය මෙම වී ප්‍රභේදය සොයා ගැනීම ජයග්‍රහණයක් බවද අධ්‍යක්ෂවරයා කීවේය.


මෙම වී ප්‍රභේදය අස්වැන්න යම් ප්‍රමාණයක් අඩු අතර, අක්කරයකින් මෙට්‍රික් ටොන් හතරක පමණ අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව පවතී. වියළි කලාපයේ වර්ෂාපෝෂිත කලාපයට මෙම වී ප්‍රභේදය සුදුසු බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.


පර්‌යේෂණායතනය විසින් තවත් නව වී ප්‍රභේද තුනක් ද හඳුන්වා දී ඇත. එල්.ඩී. 376 (මාස තුන හමාර), නියඟයට ඔරොත්තු දෙන බී.ජී. 377, හොඳ අස්වැන්නක් ලබා දෙන ඒ.ටී. 378 පර්‌යේෂණායතනය විසින් හඳුන්වාදුන් අනෙකුත් වී ප්‍රභේදයන්ය.

Post a Comment

0 Comments